කාලීන පුවත්
පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අතුරින් පැරණිතම කර්මාන්තය ලෙස පේෂ කර්මාන්තය හැදින්විය හැකිය. විජය කුමරු සහ පිරිස තම්බපණ්නීයට ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බව මහාවංශයේ සදහන් වේ. ක්‍රි.ව. 1148 දී දඹදෙණියේ රජකළ කලිකාළ සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා එක් දිනක් තුළ කපු නෙලා පඩු පොවා, රෙදි වියා එදිනම සවස සිවුරු 80ක් පූජා කළ බව මහාවංශයේ දැක්වේ. පැරණි ලක්දිව ඉතා දියුණු රෙදිපිළි කර්මාන්තයක් තිබූ බව මෙවැනි සාධක මත පැහැදිලි වේ.
1906 වර්ෂයේදී අනගාරික ධර්මපාල තුමා සිය පුද්ගලික ධනයෙන් උක්කුබණ්ඩා දොළපිහිල්ලේ නම් තරුණයා ජපානයට යවා පේෂකර්මාන්ත තාක්ෂණය පිළිබඳව පුහුණුව ලබා දෙන ලදි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම පේෂකර්මාන්ත පුහුණු පාසල 1912 දෙසැම්බර් 04 වන දින රාජගිරිය හේවාවිතාරණ පුහුණු පාසල ලෙස ආරම්භ කරන ලදි. 1977 ජූලි 07 වන දින පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද අතර එහිදී අත්යන්ත්‍ර හා බලවේග ආයතන මඟින් ලාංකිකයින්ගේ රෙදිපිළි අවශ්‍යතා ඉටු කරන ලදී.
නැවුම් පුවත්
ජාතික අත්යන්ත්‍ර ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල දෙසැම්බර්
ජාතික අත්යන්ත්‍ර ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල දෙසැම්බර් 6 7 8 යන දිනයන්හි BMICH පරිශ්‍රයෙහි පැවැත්වුනි.